Saturday, November 5, 2011

සිහිනයකි

සිහිනයකි ඔබ හැමදාම රෑ දකින
මිරිගුවකි ඔබ මගේ දෑස රවටන
කදුලකි ඔබ මා දෑස් පොපියන
හැමදාම හිදිමි මගේ නෙත් අයාගෙන

මිණිකැට සේ දිදුලන ඔබේ දෑසින්
දළුවන් ඔබේ සියුමැලි දෙතොලින්
පුර සද මෙන් ඔබේ වත කමලෙන්
අමතන්නේ කවදාද මා ආදරයෙන්

ඔබට ලංවී ඉන්න වරම් නැති මට
ඔබේ කටහඩ පමණි උරුම මට
ආදරයෙන් අමතන්න හැමදාම
වරම් දෙන්නේ කවදාද ඔබ මට

1 comment:

  1. ගොඩක් වෙලාවට සිහිනය සුන්දරයි සැබෑවට වැඩිය. මම අදමයි මේ අඩවියට ආවේ. මේ කොමෙන්ට් කරද්දී තියෙන වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් හොඳයි නැත්නම් කියවන අය කොමෙන්ට් කරන්නේ නැතිව යාවි ඒක කරදරයක් නිසා.

    එන්න අපේ පැත්තෙත්.
    කෝරලේ වලව්ව

    ReplyDelete