Saturday, November 5, 2011

සිහිනයකි

සිහිනයකි ඔබ හැමදාම රෑ දකින
මිරිගුවකි ඔබ මගේ දෑස රවටන
කදුලකි ඔබ මා දෑස් පොපියන
හැමදාම හිදිමි මගේ නෙත් අයාගෙන

මිණිකැට සේ දිදුලන ඔබේ දෑසින්
දළුවන් ඔබේ සියුමැලි දෙතොලින්
පුර සද මෙන් ඔබේ වත කමලෙන්
අමතන්නේ කවදාද මා ආදරයෙන්

ඔබට ලංවී ඉන්න වරම් නැති මට
ඔබේ කටහඩ පමණි උරුම මට
ආදරයෙන් අමතන්න හැමදාම
වරම් දෙන්නේ කවදාද ඔබ මට

පැතුම

උණුසුම් හාදුවකින්
ඔය දෙතොල තෙමන්න
ඔය තුරුලේ හිදගෙන
පෙම් ගීයක් මුමුනන්න
ඔය පපුවේ හිස තියාන
රෑ පුරා නිදියන්න
සිහින කුමරිය හැමදාම
මගේ ලග ඉන්න

දර්ශන (පොඩ්ඩා)

ඉන්ටර්නෙට් එකෙන් ටොරන්ට්ස් භාවිතයෙන් අපට අවශය දේවල් භාගත කරන හැටි..

පිට ඔන කරන මුදුකාන්ග/චිත්‍රපටි / සංගීත තැටි / පින්තුර වගේ ගොඩක් අද ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුලුවන් නමුත් අපිට තියන ප්‍රශ්නය තමයි එවායේ ලින්ක් හොයාගන්න එක සහ යන කාලය තව නොමිලේ දෙන එවායේ තියන සීමිත බව වගේ ප්‍රශ්න එකට හොදම විසදුම තමයි ටොරන්ට්ස් කියන්නෙ... මෙන්න මේක මුලින්ම බලලා ඉන්නකෝ...


BitTorrent, Explained. from BitTorrent, Inc. on Vimeo.

ඔන්න මම දැන් කියලා දෙන්නම් කොහොමද මෙකෙන් වැඩ ගන්නෙ කියලා (දන්න අය ඇති... මම මේ නොදන්න අයට තමයි කියන්නේ)

1. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ සොෆ්ට්වයර් එක භාගත කර ඉන්ස්ටොල් කර ගන්න... Download 

2. එය ස්තාපිත කල පසු මේ ආකාරයට දිස් වේ
 

3.හරි දැන් කරන්න ඔන අපිට ඔන ෆයිල් එක හොයා ගන්න කොහොමද මේ ෆයිල් හොයාගන්නෙ,,,, මෙන්න මෙහෙමයි මුලින්ම අපි කරන්න ඔන ටොරන්ට් ෆයිල් හොයලා දෙන සයිට් එකකට යන්න...මෙවා ගොඩාක් තියනවා (මම වෙනම් කියන්නම් මොනාද සයිට් කියලා).. දැන් කියන්න යන්නෙ එක සයිට් එකකින් ගන්න විදිහ, මේකේ නම් http://torrentz.eu/ ඔකට ගියාම මෙන්න මෙහෙම තමයි තියෙන්නෙ..
 4. දැන් ඔකේ ඔය Search බාර් එක තියන තැනට ඔයාට ඔන කරන දෙ ටයිප් කරන්න ඉහත රැපයේ දක්වා ඇති ආකාරයට

5. ඉන් පසු Search බොත්තම ඔබන්න.... ඉන් පසු මේ විදිහට දිස්වේ
5. ඔය එන එකෙන් මම ඔබට කියාදෙන්නම් අව්ශය එක තොරාගන්නා ආකාරය...

Torrent Tags, Name - මෙමගින් ඔබ විසින් සොයන ලද නමට ආදාල සියලුම නම් ටික පෙන්නයි... ඔබට අවශය එක තොරාගන්න

Size - එම ෆයිල් එකේ ප්‍රමානය

S (seed) - දැනට මෙම ෆයිල් එක භාවිතා කරන ප්‍රමානය.. මෙය වැඩිවන තරමට හොදයි

L (Leech) - දැනට මෙය භාගත කර අවශන් උන නමුත් එය අප්ලොඩ් නොකරන පිරිස (මෙම ප්‍රමානය අඩු වෙන තරමට හොදයි)

අනිත් යුසර්ලා දාලා තියන කොමෙන්ස් එහෙම තියනවානම් කියවන්න (මුදුකාන්ගයක් භාගත කරනවා නම් අනිවා කියවන්න... )

6. ඉන් පසු ඔබ තොරාගත් එක කිලික් කරන්න... එවිට මෙලෙස දිස් වෙ....

7. එවිට ඔබට වෙබ් ලිපින ලැබෙන නමාවලියක් ලැබෙන අතර, එමගින් ඔබට අවශ එකක් තොරාගන්න.. (thepiratebay.org කියන එක වඩාත් සුදුසුයි), ඔබ තොරාගත් එක කිලික් කල පසු මෙලෙස දිස් වේ...
දැන් මෙහි දැක්වෙන Download This Torrent නැමති ස්තානය කිලික් කරන්න. එවිට ඔබේ පරිගනකයට ෆයිල් එකක් භාගත වේ..








8. ඉන් පසු එය කිල්ක් කරන්න එවිට මෙලෙස දිස් වේ.















මෙහි උඩින්ම තියන save as කියන්නෙ එම ෆයිල් එක save වෙන තැන..
ඔය සුදුපාට කොටුව ඇතුලේ තියෙන්නෙ ඔය ටොරන්ට් ෆයිල් එක ඇතුලේ තියන ෆයිල් ටික ඔබට අනවශ ඒවායේ ටික් ටික අයින් කර ගන්න...

9.ඉන්පසු ok කරන්න... මෙලෙස දිස් වේ
 

දැන් ඔබ විසින් දමන ලද ටොරන්ට් එක භාගත වීමට පටන් ගෙන ඇත...භාගත වීම අවසානයේ එය completed කියන tab එකට යනවා... ඉන් පසු ඔබ එය කිලික් කර විට ඔබ භාගත කරන ලද දෙය ඔපන් වෙ

ඔන්න දැන් හරි.... මෙකෙ තියන වාසිය තමයි අතර මගදී ලයිට් ගියත් කිසිම අව්ලක් වෙන්නෙ නැති එක 8GB උනත් කොච්චර දවස් ගියත් ඔබට ඩව්න්ලොඩ් කර ගැනීමේ පහසුව... අපි බලමු තව මොනාද තියන සයිට් කියලා


තව ගොඩාක් සයිට් තියනවා පුද්ගලික සයිට් එවායෙන් හැම වෙලාවෙම seeds කරන නිසා (seedbox භාවිතයෙන් මෙක ගැන වෙනම කියන්න ඔන) කිසිම භාදාවකින් තොරව ඩව්න්ලොඩ් කර ගන්න පුලුවන්.. අවාසනාවට වගේ එවායේ සාමායිකත්වය දෙන්නෙ මුදල්වලට සහ දැනට ඉන්නා සමාජිකයන්ට නිකුත් නොමිලේ දෙන අවසර ක්‍රමය මගින් මෙන්න මම භාවිතා කරන එවා  

http://www.iptorrents.com (මම ගව තියනවා IPTORRENT INVITE වගයක් ඔන අය ඉන්නවානම් ඉල්ලන්න...)

මොනාහරි ප්‍රශ්නයක් තිබුනොත් අහන්නකෝ 

පසු ලිවීම :-
ඔන්න මම තව ලිපියක් දැම්මා... කට්ටිය බලලා ප්‍රශ්න තිබුනොත් (නොතේරෙන තැන්)  අහන්නකෝ... අනිත් එක වැරදි එහෙම තියනවානම් කියලා දෙන්නකෝ.. තව මම ගව තියනවා IPTORRENT INVITE වගයක් ඔන අය ඉන්නවානම් ඉල්ලන්න...
  
 

 




 

Friday, November 4, 2011

සිංහලෙන් ටයිප් කරන විදිහ.... Sinhalen type karana widiha

Sinhalen Type karanna kalin oyalage PC ake Sinhala penawada kiyala balanna ahema nathnam menna meka mulinma da ganna...

 http://www.siyabas.lk/sinhala_how_to_install.html

ඔබ විසින් නියමාකාරයෙන් අදාල යුනිකොඩය ලබාගත්තානම් මෙම සියල්ල දැන් ඔබට දිස්වේ.. දැන් ඔබ විසින් සිංහල ටයිප් කීරීමට අවශය නම් මෙන්න මේ මුදුකාංගය ස්තාපිත කරගන්න... (ඔන්න මෙක මම හදපු එකක් නම් නෙවි.. හදපු කෙනාගේ සයිට් එකේ ලින්ක් එක තමයි දාලා තියෙන්නේ).  https://sites.google.com/site/madurax86/downloads/setup.zip?attredirects=0&d=1 .. මෙම මුදුකාංගය ස්තාපිත කරගත් පසු ඔබට මෙන්න මෙලෙස දිස් වේ...





මෙලෙස දිස්වෙන විට ඔබට සිංහල ටයිප් කිරීමට ඔනැ නම් ඔබ විසින් කල යුත්තෙ Scroll Lock එක එබීමයි. එවිට මේ ආකාරයට දිස් වේ..

දැන් ඔබ ටයිප් කරන විට වදින්නෙ සිංහල අකුරැය. නැවත ඉංග්‍රීසි අකුරැ කොටන්න ඔන නම් නැවත Scroll Lock එක ඔබන්න.

 ඒ අනුව මෙහි "සි" තිබෙන විට සිංහලද, " E " තිබෙන විට ENGLISH ද,ටයිප් වේ.

 දැන් බලමු කොහොමද සිංහල අකුරැ ටයිප් කරන්නෙ කියලා,,,, මෙහි සිංහල අකුරැ තිබෙන්නේ මේ ආකාරයටය...




උදාහරනයක් විදිහට ඔබට ටයිප් කරන්න ඔනා " මම ගෙදර ගියා " කියලා නම්..  ඔන එය යතුරැ පුවරැවේ "mama gedara giya " විදිහට ටයිප් කල යුතුය..  

ඔබත් උත්සහ කර බලන්න... මෙම ක්‍රමය තුලින් ඔබට Facebook / skype / MS Office/ Blog වැනි ඔනැම තැනක කිසිම අපහසු තාවයකින් තොරව සිංහල ටයිප් කල හැකිය...

මෙම මුදුකාංය ගැන වැඩි තොරතුරැ එය සාදනලද කෙනාගේ වෙබ් අඩවිය තුලින් ලබාගත හැක...



පසු ලිවීම...
මම පලමු වතාවට බොලොග් එකක් ලියන නිසා වැරදි අඩුපාඩු එමට තිබීමට පුලුවන් තරහානොවී එවා කියලා දෙන මෙන් ඉල්ලා සිටිනවා...